ටීනියා දිලීර ආසාදනය රජරට බිලි ගනී.

කිත්සිරි  වනසිංහ අනුරාධපුර 

ටීනියා දිලීර ආසාදනය වසංගතයක් ලෙස රජරට ප්‍රදේශය පුරා පැතිරෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි හේමා වීරකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.

කාන්තා පිරිමි හෝ වයස් සීමාවකින් තොරව පැතිර යන මෙම දිලීරය  ආසාදනය වීමේ ප්‍රවනතාව වැඩි වී ඇත්තේ ප්‍රජාව ඒ සදහා නිවැරදි ප්‍රතිකාර වලට යොමු නොවීම හේතුකොට ගෙන බවද ඇය සදහන් කළාය.

ප්‍රධාන වශයෙන් දිලීර ආසාදන වර්ග දෙකක් ඇති බවත් කැන්ඩීඩා නමැති දිලීර ආසාදනය පහසුවෙන් සුව වුවද ටීනියා දිලීර ආසාදනය සුවවීම සදහා කල් ගතවීමක් සිදුවන බවද හේමා වීරකෝන් මහත්මිය සදහන් කරයි.

ස්පර්ශය හෝ ආසාදිත රෝගියෙකුගේ ඇදුම් මගින් මෙම රෝග පැතිරයාම සිදුවන සිදුවන හෙයින් ජනතාව ඉතා සැලකිලි සහගත පුරුදු පිළිපැදිය යුතු යැයිද ඇය පෙන්වා දෙනු ලබන්නීය.

සම මතුපිට තෙතමනය පවතින ස්ථාන හා නිතර දහඩිය රැදෙන ස්ථාන වල මෙම දිලීරය පහසුවෙන් වර්ධනය වීම සිදු වේ.සමේ බිබිලක් වශයෙන් ආරම්භවී ක්‍රමක්‍රමයෙන් පැතිර රවුමක හැඩයක් ගෙන පැල්ලමක් බවට පත් වේ.මෙම පැල්ලම වටේට සමෙන් ඉස්සී පවතී.රාත්‍රී කාලයට මෙම පැල්ලම් තදින් කසන අතර කැසීම නිසා තුවාලද හට ගනී. තරබාරු හා දහඩිය අධික ලෙස දමන අයට මෙම දිලීර රෝගය වැඩි වසයෙන් බෝවී මේ ඇති ප්‍රවනතාව වැඩි බවද හේමා වීරකෝන් මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *