ට්‍රම්ප් ලංකා ආර්ථිකයට මරු පහරක් එල්ල කරයි

බුද්ධික වීරසිංහ

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට හතළිස් හතරක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇත.

මෙතෙක් ලංකාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැනවී තිබුණේ සියයට දොළහයි දශම දෙකක බද්දකි.

මෙම බදු පැනවීම සිදුකර ඇත්තේ ඇමරිකාව විසින්  ආනයනය කරනු ලබන භාණ්ඩ වෙනුවෙන් එක් එක් රටවලට අන්‍යෝන්‍ය තීරු බදු පැනවීමට ට්‍රම්ප් විසින් ගන්නා ලද තීරණයත් සමඟිනි.

ඊයේ(2) දින ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අදාල තීරණය ප්‍රකාශයට පත් කරන ලදී අප්‍රේල් පස්වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

නව බදු ප්‍රතිපත්තියේ යටතේ ඇමරිකාවේ සියලු ආනයන සඳහා සියයට දහයක තීරු බද්දක් පැනවේ.එක්සත් ජනපදය සමග වෙළෙඳ අත් අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා මෙම බද්ධ ඉහළ දමා තිබේ.

රටවල් හැටකට වැඩි ප්‍රමාණයක් සඳහා මෙම බදු පෙරවීම ප්‍රකාශ කර ඇත. ඉන් වැඩිම තීරු බදු පැනවූ රටවල් පහ අතරට ශ්‍රී ලංකාවද අයත්  වේ.

ශ්‍රී ලංකාව සමග, කාම්බෝජයට 49% වියට්නාමයට 46% වශයෙන් රටවල් පහකට වඩා වැඩි ප්‍රමාණයකින් බදු පනවා ඇත.බංග්ලාදේශය තායිලන්තය චීනය ඉන්දියාව ආදී රටවල්ද මෙම නව බදු පැනවීමට යටත් වේ. යුරෝපා සංගමයට ද 20%:තීරු බද්දක් පනවා ඇත.

ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇඟලුම් අපනයනයක් සිදු කරනුයේ ඇමෙරිකාවටය. 2024 වර්ෂයේ එසේ ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන්ආනයනය කළ ඇඟලුම් වල වටිනාකම ඩොලර් බිලියන 3කි.මෙම වර්ෂයේ මුල් මාසයේ පමණක් ඩොලර් මිලියන 346ක භාණ්ඩ ප්‍රමාණයක් ඇඟලුම් ලෙස  ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කර තිබේ.

මෙම බදු පැනවීම මගින් ශ්‍රී ලංකාවේ ඇඟළුම්  අපනයන ක්ෂේත්‍රය කෙරේ දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *