ට්‍රම්ප්ගේ නව බද්දෙන් ආර්ථිකයට විය හැකි බලපෑමට පිළියම් සෙවීමට ජනාධිපති කමිටුවක්

යසංග මහවිතාන

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යොන්‍ය තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බරපතල ගැටළු මතුවිය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රය කෙරෙහි මෙම බදු පැනවීම අහිතකර ලෙස බලපානු ඇතැයි අනාවැකි පළ කෙරේ. එසේ පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද  පත් කරනු ලැබ තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *