ජෛව විවිධත්වය නූලෙන් රැකගනී.

සංජීවනී පද්මසේන

තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3500 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ වයස අවුරුදු 26ක් හා 31ක් වන සැකකරුවන් දෙදෙනෙකු සමඟ  අවුරුදු 22 ක සැකකාරියකි.

මෙම ජලජ ජීවීන් මෙරට ජල පද්ධතීන් සමඟ මුසු වීමට ඉඩක් ලැබුණා නම් මෙරට ජෛව විවිධත්ත්වයට බරපතල තර්ජනයක් සිදුවන බව රේගුව පෙන්වා දෙයි. 

මෙම ජලජ ජීවීන් වැඩිපුර විමර්ශනය සඳහා සත්ත්ව වසංගත නියාමන දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර මෙම ජීවීන් මෙරටට ගෙන්වීමේ අරමුණ අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයන් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කර සිටී. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *