ජීවිත විශාල ගණනක් අහිමිවන ප්‍රබල භූකම්පනයක් ගැන අනාවැකියක්

ලක්මිණි නදීෂා – කොළඹ   

ජීවිත විශාල ගණනක් අහිමිවන ප්‍රබල භූකම්පනයක් ගැන අනාවැකියක්

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු යළිත් වරක් භූ කම්පන තත්ත්වයන් ඇති වීම පිළිබඳව ලෝකයේ අවධානය යොමුව ඇත.

මේ වන විට සොයාගෙන ඇති අළුත්ම තත්ත්වය නම් ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8ත් 9ත් අතර අගයක් ගත හැකි බවය.

මෙම භූකම්පනය ඇති වීමේ ඉඩ 80%ක් බව ජපාන රාජ්‍ය වාර්’තා පෙන්වා දෙයි.

මෙම භූකම්පනය පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇතිවිය හැකි බවත් එම භූකම්පනයෙන් ජීවිත 300,000ක් පමණ අහිමිවිය හැකි බවටද එම වාර්’තා වල දැක්වේ.

එම භූකම්පනය ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක්ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය හැකි බවත් අනුමාන කරයි.

 මෙම භූකම්පනය හේතුවෙන් ජපානයේ ආර්’ථිකයට ඩොලර් ට්‍රිලියන 1.81ක් පමණ අහිමි විය හැකි බවට අනාවැකි පල කෙරේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *