(ලක්මිණි නදීෂා)
ජාතික බදු සතිය අද (02) සිට ආරම්භ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එහි සමාරම්භක උත්සවය අද (02)ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
“බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අනුව හෙට සිට 07වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා මාධ්‍ය වෙත පැවසීය.
මේ වන විටත් මිලියන 10කට වැඩි පුද්ගලයින් පිරිසකට “ටින් අංකය” ලබා දී ඇති බව ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
