එස්. රත්නායක
ජාතික පිරිමි හා කාන්තා ත්‍රෝබෝල් කණ්ඩායම් ආසියානු ත්‍රෝබෝල් කිරුළු ද්විත්වයම ලංකාවට ගෙන ඒමට සමත්වූහ
ඉන්දුනීසියාවේ බතම් නුවර ඉකුත් 2 සහ 3 යන දිනයන්හි පැවති තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මැලේසියාව ඉන්දියාව ඉන්දුනීසියානු කණ්ඩායම් තරග වැදුණි .
පිරිමි අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරග වැදුණු අතර කාන්තා අවසන් තරගය සඳහාද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා තිබුණි.
කාන්තා කණ්ඩායමේ නායකත්වය අචිනි මධුෂානි දරණ ලද අතර උප නායිකාව ලෙස පකිර්තන් කිරුත්තික කටයුතු කරනු ලැබුවාය.. කෙනන් ස්වරන් රම්මියා, උෂානි මදුෂිකා සහ මිනාලි බාන්ස් වැනි පලපුරුදු ක්‍රීඩිකාවන්ද තිලීනි ජයරත්න සුබෝදා ගමගේ, පාස්කරන් සතුර්ජා,ජාති වික්ෂාන් යෝකිතා සහ කසුන්තා තත්සරණී වැනි නැගි එන ක්‍රීඩකාවන් කණ්ඩායමට එක්ව සිටියහ. කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජානකී සමරතුංග සහ සහාය පුහුණුකාරිය ලෙස චානිකා චතුරංගනී ස්වර්ණ ප්‍රනාන්දු යන අය ඇතුළත් වූහ.
පිරිමි කණ්ඩායමේ නායකත්වය ගිහාන් හංසජිත් විසින් දැරු අතර, උපනායකයා ලෙස උදාර ප්‍රියන්ත කටයුතු කරනු ලැබීය. ධනුජ තේනුක, තරිඳු ධනංජය, ෂෙනාන් ප්‍රනාන්දු, සිතීකා මෙත්සිලු, නිශාන්ත සචිනස් සහ තිනෙත් කාවින්ද්‍ය සහ මා ෆිල් කිරන් වැනි නවක ක්‍රීඩකයෝද කණ්ඩායමට ඇතුළත් වූහ. කණ්ඩායමේ සම්බන්ධීකාරක ලෙස මොහොමඩ් ෆවාස් කටයුතු කරනු ලැබීය.කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස සිතුම් විමන්ත එක් විය.


