ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන් දෙදෙනෙකු දිවයිනට

 එල්. නදීෂා – කොළඹ 

මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ , පුද්ගලයන් දෙදෙනෙකු අද (19) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්  තිබුණි.

මොවුන් අතරින් පළමු වැන්නා නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පළා යාම සදහා උදව් උපකාර කළ බවට සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිදු සන්දීප ගුණසේකරය. ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයා මිනීමැරුම්,වෙඩි තැබීම් රාශියකටම , ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද යන අයය.

මොවුන් දෙදෙනා අද (19 ) පස්වරු 12.50 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. -1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණි.

 කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

 තවත් මෙවැනිම රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් දෙදෙනෙකු අද රාත්‍රීයේද කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *