ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘MURASAME’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ලක්මිණි නදීෂා – කොළඹ 

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් MURASAME’ ඊයේ ( 22) කොළඹ වරායට සේන්දු විය.

ඒ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘MURASAME’ නෞකාව, දිගින් මීටර් 151ක් හා නැව් මුළුව 200ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් HAYAKAWA Masahiro කටයුතු කරනු ලබයි.

එසේම මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතය.

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘MURASAME’ නෞකාව 2025 මාර්තු මස 25 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *