ජපාන රජයේ ආධාර මත නිමවූ සුවතා උද්‍යානයක් ඉන්දිරා පිළිකා

 

 

 

 

දිනේෂ් රූපසිංහ – කොළඹ

 

ජපාන රජයේ “බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ආධාර ප්‍රධාන හෙවත් GGP (Grant Assistance for Grassroots Human Security Projects) වැඩසටහන යටතේ ,  මහරගම ඉන්දිරා පිළිකා බාරයේ සුව අරණ සහන සත්කාර මධ්‍යස්ථානයේ ඉදි කරන ලද “සුවතා උද්‍යානය” විවෘත කිරීම පෙරේදා (15) දිනයට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා පිළිකා දිනයට සමගාමීව සිදු කෙරිණ.

 

මෙරට ජපාන තානාපති අකිඔ ඉසොමතා  මහතාගේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ  ප්‍රධානත්වයෙන් සිදු එම සුවතා උද්‍යානය විවෘත කිරීම කටයුතු සිදුවිය.

 

මෙම අවස්ථාව සඳහා හිටපු කතානායක කරු ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක , ඉන්දිරා පිළිකා භාරයේ සභාපතිනි වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 

එහිදී උත්සව සභාව අමතමින් ජපාන තානාපතිවරයා සඳහන් කළේ ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින දීර්ඝකාලීන මිතුදම නිසාවෙන්ම ජපාන රජයේ    ආධාර උපකාර නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවට හිමිවන බවයි.

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *