ජපාන තානාපතිවරයා උතුරේ සංචාරයක.

වවුනියාව මාධව කුලසූරිය

මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමෝතා මහතා 11 දින යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි සංචාරයක නිරතවිය.

ජපාන රජයේ මුදල් ප්‍රතිපාදන මත, යාපනය,මුහමාලෙයි ප්‍රදේශයේ සිදුකරන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු  නිරීක්ෂණයටද  ජපාන තානාපතිවරයා එක්විය.

යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ හෙලෝ ට්‍රස්ට් ආයතන විසින් සිදුකරන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු හා බිම්බෝම්බ ඉවත් කිරීමේ භූමි සීමාව නිරීක්ෂණයටද තානාපතිවරයාගේ අවධානය යොමු විය.

එලෙසමඋතුරු පළාතේ සෞඛ්‍යය හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් රුපියල් මිලියන 50 ක ආධාර මුදල් ලබාදීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමටද හෙතෙම කටයුතු කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා හා ජපාන තානාපති කාර්යාල නිළධාරීන් අතර අදාළ ගිවිසුම් වෙනුවෙන් අත්සන් තැබීම සිදුකෙරිණි.

ජපාන රජය උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවද ජපාන තානාපතිවරයා එහිදි සඳහන් කළේය.

වැඩසටහන් අවස්ථාව වෙනුවෙන් ජපාන තානාපති කාර්යාල නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *