ජගත් විජේසුරිය කොළඹ

ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබිමේ උත්සවය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමාටා මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායනය (JICA) සමඟ ද්විපාර්ශ්වික සංශෝධිත ණය ගිවිසුම අත්සන් කිරීම සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරයි.
ප්‍රංශය සහ ඉන්දියාව සමඟ නිල ණය හිමි කමිටුවේ සම – සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදීමේදී ජපාන රජය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහයෝගය දැක්වීමේදී එහි නායකත්වය, කැපවීම සහ ඵලදායී මැදිහත්වීම මගින් දායකත්වය ලබාදී ඇත. ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අර්ථාන්විත ප්‍රගතියක් ළගා කර ගැනීමට ශ්‍රී ලංකා රජයට මෙමගින් හැකියාව ලැබී ඇත.
ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම හුවමාරු පත්‍ර අත්සන් කිරීම සහ සංශෝධිත ණය ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇතැයි මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අපේක්ෂා පළකරනවා.




