ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

චම්පිකා මුතුකුඩ

අද (11) උදෑසන නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර පිළිබඳව ජනාධිපතිවරයා විසින් විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

අනතුර පිළිබඳ දැනගැනීමෙන් තමා ඉමහත් ශෝකයට පත් වූ බවත් රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ස්ථිර වැඩ පිළිවෙලක් අවශ්‍ය බවත් ,එම ක්‍රියාමාර්ග මේ වන විටත් රජය විසින් ගනිමින් පවතින බවත් ජනාධිපතිවරයා විසින්  එම නිවේදනය මගින් ප්‍රකාශ කරයි.

මෙම අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මගින්ද හැකියාව ලැබෙන බවට ජනපතිවරයා සිය විශ්වාසය පළ කරයි. ඒ වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මේ වන විටත් වැඩසටහනක් සැලසුම් කර  ඇති බවද ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *