ඡන්ද පැමිණිලි සඳහා නව යෙදවුමක්

යසංග මහවිතාන

පළාත් පාලන මැතිවරණයට සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක්  ඊයේ  (22) මැතිවරණ කොමිෂන් සභාව විසින්  හඳුන්වා දෙන ලදී.

නමින් මෙම යෙදවුම EC EDR වේ.  මැතිවරණ පැමිණිලි විධිමත් හා නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි, EC EDR ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඇත.එය හඳුන්වා දෙන ලද්දේ මැතිවරණ කොමිසමේදීය.

මහජනතාවට පැමිණිල්ලක් තිබේ නම්  එය මෙම යෙදවුම හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව  ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති  ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළේය.

“…..පැමිණිලි කළ පුද්ගලයාට තමන්ගේ පැමිණිල්ලට කුමක් සිදුවුණේද යන්න දැන ගැනීමටත් පුළුවන්. මෙම යෙදවුම ඔස්සේ වීඩියෝ, ඡායාරූප සහ තොරතුරු ලබාදීමේ හැකියාවත් ඇත.” නව යෙදුවම පිළිබඳවව අදහස් ප්‍රකාශ කරමින්අදහස් ප්‍රකාශ කරමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *