ඡන්ද අපේක්ෂකයෙකුට ආධාරකරුවෙකුගෙන් ප්‍රහාරයක්

රංජන් මඩගම්මන

දැරණියගල සමගී ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයෙකු හා චීවරධාරියකු අතර ඇතිවූ බහින්බස් වී මක් දුරදිග යාමෙන් චීවරධාරියා විසින්  අපේක්ෂකයා වෙත තියුණු ආයුධයකින් පහරදී තිබේ.

     දැරණියගල ,දික් ඇල්ල කන්ද ,උඩ මාලිබොඩ ප්‍රදේශයේදී අද (6) හවස  3.00 ට පමණ මෙම සිද්ධිය සිදු වී ඇත.සිද්ධියෙන් තුවාල ලැබූ  සමගි ජන බලවේගයේ අපේක්ෂක රන්ජිත් කුරුප්පු මහතා සහ සිද්ධිය සමතයට පත් කිරීම යාමේදී පහර කෑමට ලක් වූ දෙදෙනාද දැරණියගල රෝහල වෙත ඇතුළත් කරන ලදී.

       පහර දුන් චීවරධාරියා මිරහවත්තේ කාශ්‍යප හිමි සමගි ජන බලවේගයේ ආධාරකරුවෙකි.මේ වන විට දැරණියගල පොලිසිය විසින් අදාල චීවරධාරීයා අත්අඩංගුවට ගෙනඇත.  දැරණියගල පොලිස් ස්ථානාධිපති මංජුල ජයවර්ධන  මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *