චීන තානාපති ආපදාවන්ට මුහුණ දුන් උතුරේ වැසියන්ට ආහාර ද්‍රව්‍ය බෙදාදෙයි.

වවුනියාව මාධව කුලසූරිය.

පසුගිය මාසවල ඇති වු ජල ගැලීමේ හේතුවෙන් පීඩාවට පත් උතුරේ ජනතාව වෙත වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මෙරට චීන තානාපති ෂු යෑන් වෙයි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(09) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

පසුගිය සමයේ ඇති වු ජල ගැලීම්වලින් පීඩාවට පත් උතුරේ පවුල් 2500 ක් වෙත වියළි ආහාරද්‍රව්‍ය බෙදාදීම සිදුකිරීමට නියමිත බව චීන තානාපති කාර්යාල නිළධාරීහු පැවසූහ.

වැඩසටහන් අවස්ථාවට එක්වු චීන තානාපතිවරයා පැවසූවේ චීන රජය කිසිවිටකත් ශ්‍රී ලංකාව තනි නොකරන අතර,මෙරට ආපදා තත්වයන් වෙනුවෙන් චීන රජය හැකි උපරීම සහයෝගය ලබාදෙන බවයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර,ආපදා තත්වයට පත් ශ්‍රී ලාංකිකයින් වෙත රුපියල් මිලියන 400 ක පමණ ආධාර ලබාදීමට චීන රජය කටයුතු කර ඇති බවද හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

වවුනියාව,මන්නාරම,කිලිනොච්චිය,මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කයන්හි ආපදාවන්ට පත් ජනතාව වෙත චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා ආධාර ලබාදීම සිදුකෙරිණි.

මේ අවස්ථාවට වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා,චීන තානාපති කාර්යාල නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *