චීනය සහ ලංකාව අතර ක්ෂේත්‍ර රැසක සංවර්ධනයකට එකඟතාවයක්

මොහොමඩ් ආසික්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික වාර්ගික කටයුතු අමාත්‍ය (Minister of the National Ethnic Affairs) පැන් යූ (Pan Yue) මහතා ඇතුළු දූත පිරිසක් අතර සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී චිනය හා ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික සබඳතාවයන් සම්බන්ධයෙන් සහ චීන රජය විසින්  මධ්‍යම පළාත තුළ  ක්‍රියාත්මක කළ හැකි   ක්‍ෂේත්‍ර කිහිපයක වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

ඒ අනුව  මධ්‍යම පළාත තුළ පවතින සංචාරක විභවයන් අනුව සංචාරක   ක්ෂේත්‍රය  නංවාලීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත්  චීන සංචාරකයින් වැඩි පිරිසක් මධ්‍යම පළාත තුළ සංචාරය කිරීමට අවස්ථාව ලබාදිමටත් මෙහිදී සාකච්ඡා විය.

 එයට අමතරව  සංචාරක  ක්ෂේත්‍රයට අදාළ පහසුකම් නැංවිමට අවශ්‍ය දායකත්වය ලබා දෙන බවත්  වීනයේ ජාතික වාර්ගික කටයුතු  පිළිබඳ අමාත්‍යවරයා විසින් ආණ්ඩුකාරවරයා වෙත දන්වන ලදි.

එමෙන්ම දෙරට අතර පවතින බෞද්ධාගමික සංස්කෘතිය අනුව සංචාරක ව්‍යාපාරය වැඩිදුරටත් ප්‍රවර්ධනය කිරීමට පවතින අවස්ථා සම්බන්ධයෙන් ද, අධ්‍යාපනය හා උසස්  අධ්‍යාපනය නංවාලීම සඳහා එම ක්ෂේත්‍රය තුළ  අන්තර් හුවමාරු වැඩසටහන් මෙන්ම  චීන රජයේ ශිෂ්‍යත්ව ලබා දීම ආදී වැඩසටහන් ක්‍රියාත්ම කිරීමටත් මෙහිදී  සාකච්ඡා විය.  සංස්කෘතික, තාක්ෂණික සහ  ව්‍යවසායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් ද  මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කෙරිණි.

මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ජාතික වාර්ගික කටයුතු කොමිසමේ අමාත්‍ය පැන් යූ මහතා ඇතුළු ධූත පිරිස අතර සමරු සිහිවටන හුවමාරුවක් ද සිදු කෙරිණි.

 

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල  යන මහත්ම මහත්මීන් ඇතුළුව  මධ්‍යම පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික වාර්ගික කටයුතු කොමිසමේ ජාත්යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් WEI Guoxiong,  අධ්‍යක්ෂ QIU Peng,  කිව් පෙන්ග් මහතා ඇතුළු චීන උසස් නිලධාරින් පිරිසක්ද එක්ව සිටියහ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *