යසංග මහවිතාන

ශ්‍රී ලංකාව තුළ චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ විසින් නිවේදනය කර තිබේ.
වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මෙන්ම චිකන් ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෘජුවේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකන් ගුන්යා ඊඩිස් නම් මදුරු විශේෂය මගින් වැළදෙන බවත් , තද උන සමග හන්දිපත් රුදාව සමකලුවීම කුෂ්ට ඇතිවීම චිකන් ගුන්‍යා රෝගයේ ලක්ෂණ බවත් වෛද්‍ය දීපල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි .
විශේෂඥ වෛද්‍ය ද්වීපාල් පෙරේරා මහතා පවසන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්ථා වීමද මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.තවදුරටත් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමම සඳහා කැස්ස උණ සහ සෙම් ප්‍රතික්ෂාව තිබේ නම් මුඛාවරණ පැළඳීම පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඔහු උපදෙස් ලබාදෙයි.
මෙම රෝග තුනේම රෝග ලක්ෂණ එක හා සමාන බැවින් රුධිර පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් රෝග වෙන්කර හඳුනාගැනීමට සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසයි.
මෙම රෝග තුනෙන් එකකට හෝ භාජනය වී ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසින් අවධාරණය කරයි.
