(ලක්මිණි නදීෂා)
චිකන් ගුණ්යා රෝගය මේවනවිට පැතිරීමේ අවදානමක් සහිත ප්‍රදේශ කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල ප්‍රදේශවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්’ණ ප්‍රදේශවලත් මෙම අවදානම පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා පවසයි.
මෙම රෝගය සැලකිය යුතු මට්ටමෙන් වාර්’තා වන්නේ ශ්‍රී ලංකාවේ 2006, 2007 සහ 2008 වසර වලට පසුව නැවත රෝගීන් වාර්’තා වන්නේ 2024 අග භාගයේදීය. චිකුන්ගුණ්යා රෝගය වෛරසයක් මගින් පැතිරෙන රෝගයකි. මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උණ, ඇඟපත වේදනාව, ඇඟ වේවිලීම, හන්දි වේදනාව, හන්දි ඉදිමීම වැනි ලක්ෂණයි. බොහෝ රෝගීන්ට දින කිහිපයක් ඇතුළත මෙම රෝගය සුව අතට හැරෙන නමුත් ඇතැම් රෝගීන්ට හන්දිපත් අමාරුව යම් සැලකිය යුතු කාලයක් පවතින බව විශේෂඥ වෛද්‍යය චින්තන පෙරේරා කියයි.
එහෙත් මේ දක්වා මෙම රෝගයෙන් මරණයක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වී නොමැත. විශේෂයෙන් ගර්භනී මව්වරුන් වැඩිහිටියන්, නිදන්ගත රෝග ඇති අය ළදරුවන් මෙයින් ආරක්ෂා කර ගැනීම වැදගත් බවත් ,මෝසම් වර්ෂාව පවතින කාලයේදී අවට පරිසරයේ මදුරු ගහනය වැඩිවීමේ අවදානමක් පවතින බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
ඔබගේ නිවස, වැඩබිම, පාසල ,ආගමික ස්ථාන නිරතුරුව පරීක්ෂා කර බලා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන්න.මදුරු දෂ්ටනය වළක්වන්න. රෝගී තත්ත්වයක් තිබේ නම් ප්‍රතිකාර ගන්න.වෛද්‍ය උපදෙස් වලින් පසුව උණ රෝගය සඳහා පැරැසිටමෝල් භාවිතා කිරීම අවශ්‍ය තරම් දියර පානය කිරීම උණු වතුරෙන් ඇඟසේදීම කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා පැවසීය.
