යසංග මහවිතාන
අද (19) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ ඇප අයදුම සලකා බැලීමෙන් අනතුරුවය.
අද පෙරවරු නවයට පමණ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලදී. බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.
රුපියල් දස ලක්ෂයක මුදලක් සාවද්‍ය පරිහරණය සඳහා යොදාගත්තේ යැයි පොදු දේපොළ පනත යටතේ චාමර සම්පත් මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබුණි.
