චමරි අතපත්තුට දඩ

(යසංග මහවිතාන)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කර තිබේ.

  ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වනමට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට චෝදනා එල්ල වී ඇත

එහිදී චමරි අතපත්තු විසින් “ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම්,බිම්  උපකරණ හෝ සවිකිරීම් හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කොට ඇති බව හෙළිවී තිබේ.

පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පැවති කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී , දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන ඕවරයේදී ,ඇනරි ඩර්ක්සන් විසින් හතරේ පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩි ගලවා බිමට විසි කිරීම මෙම චෝදනාවට හේතුවයි.

එහිදී ඇගේ අව් කණ්ණාඩිය කොටස් කිහිපයකට කැඩී බිඳී ගොස් තිබු බවද කියැවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *