ගුරුවරුන්ගේ විරෝධතාවයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී

(යසාංග මහවිතාන

ජාතික පාසල්වල  වසර 3ක සේවා කාලයක් අවසන් කළ ගුරුවරුන්ට සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය අහිමි නොකරන ලෙස  ගුරුවරු ඉල්ලා සිටිති.

එම කාරණය සම්බන්ධයෙන්  ඉල්ලීමක් කිරීම සඳහා  තමන්  පැමිණියේ දසවන වරට බව ඔවුහු සඳහන් කරති . අද  මහජන දිනය වුවත් අද දිනයේදීවත් අධ්‍යාපන ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව සඳහන් කරමින් ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාව‍යක නිරත වූහ.

ජාතික පාසල්වල වසර 3ක ස්ථීර සේවා කාලයක් අවසන් කළ ගුරුවරුන්ට සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය මෙම වසරේ කප්පාදු කළහොත් ඉදිරියේදී කිසිම ගුරුවරයෙක්ට මෙම වරප්‍රසාදය හිමි නොවනු ඇති බව ඔවුහු අවධාරණය කරති.

මීට විසඳුමක් ඉල්ලා ඔවුහු අමාත්‍යංශයේ බිම වාඩිවී සිය විරෝධතාවය දැක්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *