ගිනිකෙළි නිශ්පාදනාගාරය ගිනි ගනී

මොහොමඩ්  ආශික්

මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද උදේ හට ගත් ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත  ශාලාවට දැඩි හානි සිදුව තිබේ.

මෙම ගින්න ඇති වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරයි.

මෙම ගින්න ඇති වන අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ  සේවය සඳහා පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙකු කම්පනය සහ සුළු තුවාල හේතුවෙන්  පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම කර්මාන්ත ශාලාවට මද දුරකින් පිහිටි පාසැලක සිසුන් පස් දෙනෙකුට ස්වසනාඛාධ තත්වයක් ඇති වීමත් සමග එම විදුහල තාවකාලික වසා දැමීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය පරික්ෂණ සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *