ග්‍රීස් ගසෙන් ඇද වැටී ශිෂ්‍යයකු මරුට

චම්පිකා මුතුකුඩ

16 හැවිරිදි පාසල්සිසුවෙකු ග්‍රීස් ගසකින් ඇදවැටී මරණයට පත්වූ දුක්බර  පුවතක් පිටිගලින් වාර්තා වේ.

පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන අසල ක්‍රීඩා පිටියේ  අවුරුදු උත්සවයක්  පැවැත්වීමට  ග්‍රීස් ගස සූදානම් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.

මෙම ග්‍රීස් ගස අඩි 40ක් පමණ උසැති බව කියැවේ. ප් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පිටිගල පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මියගිය ඇත්තේ පාසල්  සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තු සිටි අයෙක් බව සඳහන් වේ.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි පිටිගල පොලිසිය විසින් පවත්වනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *