ගම්පහදී මරණ තැතක් වරදී

යසාංග මහවිතාන

ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමක් සිදුකර තිබේ.ඒ ධාවනය වෙමින් තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයකටයි.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇති බව කියැවේ.

වෙඩි තැබීමෙන් ඔවුනට තුවාල සිදු වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඊයේ (15) රාත්‍රියේය.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *