ගංජා කිලෝ 60 සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය පුනගරි ප්‍රදේශයේදී ගංජා කිලෝ 60 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුනගරි පොලිසිය සදහන් කරයි. පුනගරි පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට තිබේ.

අදාළ ගංජා තොගය යාපනය ප්‍රදේශයේ සිට පුත්තලම දක්වා ලොරි රථයක ප්‍රවාහණය කිරීමට සුදානම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ලොරි රථය, ගංජා තොගය හා සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සදහා කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *