වන්නි රොමේෂ් මධුෂංක
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසීන්හීදි ඉදිරිපත්කළ අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක මුදලකට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.
මෙම වෙන්දේසි 05 වන දින රාත්‍රියේ පැවැත්විණි.යාපනය වන්නාර් පන්නෙයි මාර්ගයේ පිහිටි සිරිසිව සුබ්‍රමණියම් හින්දු කෝවිලේ පැවති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පූජා භණ්ඩ වෙන්දේසිය ආරම්භ වී තිබුණි.
අදාල වෙන්දේසියේදී පූජාවට තබා තිබූ අඹ ගොඩියක් වෙන්දේසි කොට ඇති අතර එම අඹ ගෙඩිය යාපනයේ පදිංචි මේ වන විට විදෙස්ගතව සිටින බැතිමතෙකු විසින් රුපියල් 460,000 ක මුදලකට මිලට ගනු ලැබීය.
මේ අතර යාපනය නගරයේ කාලිකම්බාල වීරබද්‍ර හින්දු කෝවිලේ පැවති දේව පූජා වෙන්දේසියකදී අඹ ගෙඩියක් යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි බැතිමතෙකු විසින් රුපියල් 375,000 ක මුදලකට මිලට ගෙන ඇත.
මෙලෙස දේව පූජාවෙන් ලබාගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගොස් තැන්පත් කිරීමෙන් සාමය සෞභාග්‍ය ළඟාවන බවට හින්දු වැසියන්ගේ මතයක් පවතියි. කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙවැනි මුදලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් දී ලබා ගැනීම තවත් හේතුවක් බවටද හිමිකරුවෝ පැවසූහ..




යාපනය සිරිසිව සුබ්‍රමණියම් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයෙන් පසුව පැවති වෙන්දේසිය