කෝවිලක තෙරපීමකින් හයක් මරුට

සංජීවනී පද්මසේන

ඉන්දියාවේ ෂිර්ගාමින් කෝවිලේ පැවති උත්සවයක ඇතිවූ තෙරපීමක් නිසා පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් 50කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇත.

මෙම උත්සවය සඳහා පැමිණි අධික ජනතාව පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම තෙරපීම් තත්ත්වය ඇතිවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය පොලිසිය හා හදිසි සේවා නිලධාරීන් විසින් විපතට පත් ජනතාව හැකි ඉක්මනින් මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කළ අතර තුවාල කරුවන් වහා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *