කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමග ඉන්දීය යුවළක් අල්ලයි

ලක්මිණි නදීෂා – කොළඹ 

රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත  ඉන්දීය ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යුවළ කුඩා දරුවෙකු ද සමග තායිලන්තයේ බැංකොක් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් ඊයේ  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පසුව ඔවුන් පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් ඔවුන් පරීක්ෂා කර අත් අඩංගුවට ගෙන ඇත.

 වයස අවුරුදු 30 ක් පමණ වයසැති මෙම ඉන්දීය ජාතික යුවළ රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ , චොකලට් ඇසුරුම් තුළ ඔතා මෙම කිලෝ ග්‍රෑම් දෙකක් වන මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන පැමිණ තිබුණි .

                මෙම මත්ද්‍රව්‍ය වලින් වහනය වන ගන්ධය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය පුරා , පැය ගණනාවක් පැතිර තිබු අතර මෙම ඉන්දීය ජාතිකයන් මීට පෙර එක් වතාවක් මෙරටට පැමිණ ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබේ .

              මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඉන්දීය ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගැනුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *