කෝටි දහයක කේරළ ගංජා කිලිනොච්චියේදී අත්අඩංගුවට

         වන්නි රොමේෂ් මධූෂංක

            කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයකින් ඉතා සූක්ෂමව සඟවා රැගෙන යන ලද රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 400 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (24) උදෑසන කාලයේදී අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

කිලිනොච්චිය යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව කිලිනොච්චිය පොලීස් නිලධාරීන් කණ්ඩයමකගේද සහභාගීත්වයෙන් පරන්තන් ප්‍රදේශයේදී විශේෂ මාර්ග මුරකාවල් යොදා සෝදිසි කිරීමක් සිදුකරන ලදි.

එහිදී සැකකටයුතු ලෙසින් යාපනය දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ මසුන් ප්‍රවාහනය කෙරෙන කුඩා ලොරි රථයක් නවතා සිදුකරන ලද සෝදිසියකදී, එහි පොහොර උරවල සඟවා තිබූ කේරල ගංජා පාර්සල් තොගය සොයාගනු ලැබීය.

ලොරි රථය ධාවනය කල කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් යාපනයට රැගෙනවිත් දකුණු ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට ජාවාරම් කරුවන් සැලසුම් කොට ඇති බවටත් අදාල කේරල ගංජා තොගය රැගෙන ආ ස්ථානය පිළිබඳව සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *