කොළඹ පුරපති සටනට  දින නියම වෙයි.

(චම්පිකා මුතුකුඩ)

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම ඡන්ද විමසීම පවත්වනු  ලබන්නේ පාලන කොමසාරිස්වරයා විසිනි.

පළාත් පාලන මැතිවරණයේදී කිසිදු තනි පක්ෂයකට 50% ට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම  මෙම ඡන්ද විමසීම පැවැත්වීමට හේතුවයි.

මෙම ඡන්ද විමසීමේදී  සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයා නගරාධිපතිවරයා ලෙස පත්වනු ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 48 දෙනෙක් තේරී පත් විය.

පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන්  48 දෙනෙක්ද,සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් මන්ත්‍රීවරුන්  69 දෙනෙක්ද  තේරී පත් වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *