යසංග මහවිතාන
කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන නගරාධිපතිවරයා රිසා සරුක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය
සාකච්ඡා වලට අනුව උප නගරාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කිරීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වීමිනි.
” අපේ සාකච්ඡාවල මේ වන විට ප්‍රගතියක් හා සාර්ථකත්වයක් ලැබී තිබෙනවා. අපට (16) වැනිදා සභිකයින් කැදවා කොළඹ නගර සභාවේ පුරපති පත් කරන ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න පුළුවන් තත්වයක් උදාවෙලා තියෙනව කියලා අපි විශ්වාස කරනවා.
රිසා සරුක් කොළඹ නගර සභාවේ පුරපති හැටියට පක්ෂය විසින් යෝජනා කර තිබෙනවා. ඒ ගැන ගැටලුවක් නෑ. කවුද උප නගරාධිපතිවරයා කියලා එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරයි.”
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
