ලක්මිණි නදීෂා
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හත්වන වරටත් සංවිධානය කරනු ලැබු කොළඹ ගුවන් කතිකාව 2025 “ශක්තිමත් අනාගතයක් සඳහා අභ්‍යවකාශ සහ ගුවන් බලය යොදා ගැනීම තුලින් ඉන්දියානු සාගර තීරයේ ගුවන් හමුදාවන් වල කාර්යභාර්ය”( Transforming Air and Space Power for a Resilient Tomorrow: Prospects for Air Forces of the Indian Ocean Rim ) යන්න තේමා කර ගනිමින්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ආරාධනයෙන්, ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ,අද දින (2025 පෙබරවාරි 10) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) දෙස් විදෙස් විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් අභිමානවත්ව ආරම්භ විය .
සමුළුව ආරම්භ කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ආරමිභක දේශනය සිදු කරනු ලැබු අතර ආරාධිත දේශනය ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා විසින් සිදුකරනු ලැබිය.
මෙවර මෙම විද්වත් සමුළුව සඳහා ඇමරිකා එක්සත් ඡනපදය, ඉන්දියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, රුසියාව ඇතුඑ,” INDIAN OCEAN RIM ASSOCIATION ” හි සාමාජික රටවල ගුවන් හමුදා නියෝජිතයින් හා දෙස් විදෙස් විද්වතුන් රැසක් මෙන්ම ගුවන් යානා තාක්ෂණය පිළිබද අධ්‍යනය කරනු ලබන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද සහභාගී විය.


