කතෘ – මාධව කුලසූරිය,වවුනියාව –
යාපනය,පලාලි වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්රැම් 111 යි ග්රැම් 975 ක් සමඟ සැකකරුවෙකු අද(24) අත්අඩංගුවට ගත් බව පලාලි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ යුධ හමුදා බුද්ධි තොරතුරක් මත යාපනය විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි.
ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා ගංජා තොගයක් මෙරට බෙදා හැරීමට සුදානම් කොට ධීවර වාඩියක සඟවා තිබියදී අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබිණ.
අත්අඩංගුවට ගත් ගංජා තොගය රුපියල් කෝටි තුනක පමණ වටිනාකමින් යුතු වන බවද පොලිසිය සඳහන් කළහ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය හා සැකකරු යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් පලාලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
