කේරළ ගංජා කිලෝග්රැම් 10ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය.

කේරළ ගංජා කිලෝග්රැම් 10 ක් සමඟ සැකකරුවෙකු ඊයේ(09) අත්අඩංගුවට ගත් බව වවුනියාව ඕමන්ත පොලිසිය පවසයි.

පොලිසිය පැවසූයේ මන්නාරම අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත වවුනියාව,ඕමන්ත පොලිස් නිළධාරීන් වවුනියාව,කදිරවේල්පූවරසන්කුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබි කේරළ ගංජා කිලෝග්රැම් 10 යි ග්රැම් 550 ක් තිබි අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළහ.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 45 ක් වන සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *