කේරළ ගංජා කිලෝග්රැම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය.

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් රැගෙනවිත් තිබූ රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ හයයි ග්‍රෑම් 168 සමඟ පුද්ගලයකු අද(26)  යාපනය මරදන්කේණි, උරුත්තිරෙයි හීදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් වවුනියාව , පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු සහ කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පැවසීය.

සැකකරු කේරළ ගංජා තොගය කිසියම් ප්‍රදේශයකට රැගෙනයාම සඳහා සුදානම් කොට තිබූ බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

ඉන්දියාවේ සිට මුහුදු  මාර්ගයෙන් මෙරට මුහුදු සීමාව ආසන්නයට මෙම කේරළ ගංජා රැගෙනවිත් මෙරට ධීවරයින්ගේ ධීවර බෝට්ටු ඔස්සේ කේරළ ගංජා ගොඩබිමට රැගෙන ඒම සිදුකරන බවට විමර්ශන වලදී අනාවරණයවූ බවත් පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරු මඩකලපුව, ජයන්දිපුරම් පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු වේ.

සැකකරු සහ අත්අඩංගුවටගත් කේරළ ගංජා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා මරදන්කේනි පොලිස් ස්ථානයට භාරදීමට නියමිත අතර පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.ආර් සියාවුල්හක් , උපපොලිස් පරීක්ෂක සී.කේ ඇහැළේපොල ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවටගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *