ඩිජිටල් අන්තර්ගතයන්හි ප්‍රකාශකයා තහවුරුකර ගැනීමට “Trace-it”
චම්පිකා මුතුකුඩ

.සුප්‍රසිද්ධ වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය අංශය විසින් අද දින ( 31) නිර්මාණයක මුල් ප්‍රකාශකයා හඳුනා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී.
මෙම ක්‍රමවේදය Trace-it නමින් හැඳින්වේ. විකෘති කරන ලද තොරතුරු හඳුනාගැනීමටත්, ,ප්‍රකාශනයේ අයිතිය තහවුරු කිරීමටත්, වඩා විශ්වසනීය තොරතුරු ලබා ගැනීමටත් මෙම ක්‍රමවේදය තුළින් පිටුවහලක් ලැබෙන බව වෙරිටෙරිසර්ච් අවධාරණය කරයි.
නව ක්‍රමවේදය හඳුන්වා දෙමින් වෙරිටිි රිසර්ච් වෙතින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
“…..අද වනවිට කෘතිම බුද්ධිය (AI) හරහා ඕනෑම අන්තර්ගයක් ඉතාම පහසුවෙන් නැවත නිර්මාණය කරන්නටත් විකෘති කිරීමටත් හැක. මේ තුලින්, ඩිජිටල් අවකාශය තුල හුවමාරු වන අන්තර්ගතයන් සම්බන්ධයෙන් පවතින විශ්වසනීයත්වය පිළිබඳව ඇති අර්බුදය සීඝ්‍රයෙන් ඉහල යා හැක.
තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් යැයි පරිශීලකයා විශ්වාස කරන්නේ කෙසේ ද?
වෙරිටේ රිසර්ච් ආයතනයෙහි වෙරිටේ මීඩියා අංශය විසින් මේ සඳහා සරල ක්‍රමවේදයක් ලෙස QR කේතය මත පදනම් වූ “Trace-it” හඳුන්වා දී තිබේ. මෙම ක්‍රමවේදය ඩිජිටල් ඇගිලි සළකුණක් හා සම වන අතර, එමඟින් මාධ්‍ය පරිශීලකයින්ට මුල් මූලාශ්‍රයට ප්‍රවේශ වීමෙන් අන්තර්ගතයේ සත්‍ය-අසත්‍යතාවය ක්ෂණිකව තහවුරු කිරීමට හැකියාව ලැබේ (දක්වා ඇති රූ සටහන බලන්න).
පිළිගත් ප්‍රකාශකයින් විසින් මෙම ක්‍රමවේදය, ඔවුන්ගේ අන්තර්ගතයන් පළ කිරීමේදී ප්‍රකාශක ප්‍රමිතියක් ලෙස අනුගමනය කිරීම තුලින් සියලු විශ්වසනීය ඩිජිටල් අන්තර්ගතයන්ට අදාළව ඒවා ප්‍රකාශයට පත් කල මුල් ප්‍රකාශකයන්ව සොයා ගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇති බව වෙරිටේ මීඩියා අංශයේ ප්‍රධානී දීපාංජලී අබේවර්දන පැවසුවා ය. තවද මේ තුලින් විකෘති කරන ලද අන්තර්ගතයන්ගේ ව්‍යාජ බව අනාවරණය කර හැකි වනවා මෙන්ම එම අන්තර්ගතයන් ඩිජිටල් අවකාශයේ පැතිරීම අඩු වනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කලාය.
මෙම ක්‍රමවේදයට අනුගත වීමේ මුල් පියවර ලෙස, වෙරිටේ රිසර්ච් විසින් අප්‍රේල් මස පළමුවැනිදා සිට ඩිජිටල් අවකාශයේ ප්‍රකාශයට පත් කරන එහි සියලුම අන්තර්ගතයන්ට ‘Trace-it’ QR කේතය යොදනු ඇත.
ඩිජිටල් අවකාශයේ අන්තර්ගතයන් පළ කරනු ලබන සියලු විශ්වසනීය ප්‍රකාශකයින්, ගෙවීමකින් තොරව පහසුවෙන් ලබාගත හැකි (Open source) මෙම Trace-it ක්‍රමවේදය භාවිතයට ගැනීමට උත්සුක වනු දැකීම වෙරිටේ මීඩීයා අංශයේ බලාපොරොත්තුවයි. එම අංශයේ වැඩසටහන් ප්‍රධානී රොෂෙල් කනගසබේ, ස්වකීය අනන්‍යතාවය තහවුරු කරගැනීමට යොදාගත හැකි මෙම සරල ක්‍රමවේදය භාවිතයට ගැනීමට කැමැත්තෙන් පසුවන ඕනෑම විශ්වසනීය ප්‍රකාශකයෙකුට, ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට වෙරිටේ මාධ්‍ය අංශය සූදානමින් සිටින බව තහවුරු කළේ ය.
මූලාශ්‍රය සොයාගත නොහැකි අන්තර්ගතයන් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස වෙරිටේ මාධ්‍ය අංශය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින අතර එසේ මුල් ප්‍රකාශකයකු සොයාගත නොහැකි අන්තර්ගතයන් විකෘති කරන ලද හෝ සාවද්‍ය වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බැවින් එවන් අන්තර්ගතයන් එකිනෙකා අතර හුවමාරු කරගැනීමේ අයහපත් හැසිරීමෙන් වැළකී සිටින ලෙසත් වෙරිටේ මාධ්‍ය අංශය අන්තාර්ජාල පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටී.
Trace-it යනු වගකීම් සහගතව තොරතුරු බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීමේ සහ අන්තර්ගතයන්ගේ සත්‍ය – අසත්‍යභාවය තහවුරු කිරීමෙහි ලා වෙරිටේ මාධ්‍ය අංශය යෙදෙමෙින් සිටින පුළුල් මෙහෙවරෙහි දිගුවකි. වෙරිටේ මීඩියා යනු දැනුම ඇසුරින් ලොව වෙනස් කිරීමට දායකත්වය ලබා දෙන බුද්ධි පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් හි මාධ්‍ය අංශයයි.
වැඩිදුර තොරතුරු සඳහා mediaservices@veriteresearch හා සම්බන්ධ වන්න…..”
නිවැරදි තොරතුරු සොයන පාඨකයාට මෙන්ම වඩාත් නිවැරදි තොරතුරු මූලාශ්‍රය සොයන ප්‍රකාශකයාටද එකසේ වැදගත් වන මෙම ක්‍රමවේදය ජනමාධ්‍යකරණයේ පෙරළියක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
