කුරුවිට නගරයේ වෙන්කළ කසළ බැහැර කරන නව සැලැස්මක්

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට නගරය කසළවලින් තොර ලස්සන නගරයක් කිරිමේ අරමුණු ඇතිව විධිමත්ව කසළ බැහැර කිරිමට නගරයේ තැනින්තැන භාජන තැබූ බව කුරුවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් සිල්වා මහතා පැවසුවේය.

එක් ස්ථානයක භාජන තුන බැගින් තැබු බවත්, දිරණ, නොදිරණ සහ පොලිතින් ප්ලාස්ටික අපද්‍රව්‍ය වෙන් වෙන්ව එම භාජන වලට දමන්නැයි දැනුවත් කර ඇති බවද ඔහු කීවේය.

මෙම භාජනවලට කසළ නොදා නගරයේ තැන් තැන්වල කසළ බැහැර කරන්නන් කවුරුන්ද යන්න හදුනාගැනිමට දැන් සිසිටිවි කැමරා පද්ධතියක් නගරයේ ස්ථාපිත කර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අවධාරණය කළේය.

මෙම කසළ බදුන් වලට බැහැර කරන කසළ කඩිනමින් ඉවත් කිරිමේ වැඩපිළිවෙළක්ද සකසා ඇති බවත් කරුවිට නගරය ලස්සන නගරයක් බවට පත්කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවත් හෙතෙම පැවසීය.

කුරුවිට ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, කුරුවිට පොලිසිය, ‘ලසන්න කුරුවිට’ ස්වේච්ඡා සංවිධානය ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන සහ නගරයේ වෙළද ප්‍රඡාව මෙම වැඩසටහන්වලට දායකත්වයක් ලබාදෙන බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීවේය.

නගරයේ කසළ විධිමත්ව බැහැර කරන්නට භාජන

Leave a Comment

Your email address will not be published. Required fields are marked *