(අජිත්ලාල් ශාන්තඋදය)
රුපියල් මිලියන තිහක් වැය කර කුරුවිට එරත්න මාර්ගයේ සීතගගුල හරහා ඉදිකළ මගී පාලම පසුගියදා ජනතා අයිතියට පත් කරනු ලැබීය.
පාලමේ දිග අඩි හැටකි. පළල අඩි පහකි.. එරත්න සිරිපා මාර්ගයේ සීත ගගුල ලෙස හදුන්වන්නේ කුරු ගගටය. සබරගමු පළාත් මාර්ග අමාත්‍යංශය මඟින් මේ සඳහා මුදල් වියදම් කරනු ලැබීය
එරත්න මාර්ගයෙන් වැහි කාලයට සිරිපා කරුණා කරද්දී සහ ආපසු එද්දී සීත ගගුලෙන් එගොඩ මොගොඩ වීමේදී බැතිමත්හු දැඩි අපහසුතාවට පත්වූහ. අවස්ථා කිහිපයකදි බැතිමතුන් කිහිප දෙනෙකු ගගේ පහළට ගසාගෙන ගොස් ජීවිත පවා අහිමි විය. සීත ගගුලේ වතුර වැඩි අවස්ථාවල වතුර අඩුවෙන තුරු පැය ගණන් ගං ඉවුර දෙපස බැතිමත්හු රැදී සිටියහ. නව මගී පාලම විවෘත කිරීම නිසා ඒ අපහසුතාව පහව ගියේය.
මෙවර සිරිපා වන්දනාවාරය අවසන් කර සුමන සමන් දෙව්රුව සහ පූජාභාණ්ඩ වැඩම කරවීම ද මෙම පාලම මතින් සිදුකරනු ලැබීය.මෙම අවස්ථාවට මාර්ග අමාත්‍යාංශයේ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත, සැලසුම් අධ්යක්ෂ රුවන් ප්‍රේමරත්න, විධායක ඉංජිනේරු සමන් වේරහැර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඵක්ව සිටියහ.


