(වවුනියාව මාධව කුලසූරිය).
කිලිනොච්චිය , ගනේෂපුරම් ප්‍රදේශයේ ජලය සහිත ඇළ මාර්ගයක තිබී කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකුගේ සිරුරක් අද (25) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
කිලිනොච්චිය නගරයේ සිට නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මියගිය පුද්ගලයා ඇළමාර්ගයට වැටී ඇති බව පොලිසිය පැවසීය.
ප්‍රදේශවාසීන් විසින් ඇළ මාර්ගයේ වැටී තිබෙන යතුරු පැදියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පරීක්ෂා කිරීමේදී සංවර්ධන නිලධාරියාගේ සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය , ජයන්තිනගර් හි පදිංචි සෝමු ගනේෂමූර්ති නැමති 36 හැවිරිදි තිදරු පියෙකු බව සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ අනතුරට හේතුව මියගිය පුද්ගලයාට යතුරු පැදිය පාලනය කරගැනීමට නොහැකිවීමද නැතිනම් වෙනත් කාරණාවක්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවයි.
මරණයට හේතු සොයා පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලිසිය පැවසීය.
මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කිලිනොච්චිය දිස්ත්‍රීක් රෝහල වෙත රැගෙනයාමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


