කිරි කැටි සිහිනයක අලුත් බලාපොරොත්තුවක්

බුද්ධික වීරසිංහ

ලංකාවේ රෝහලක  ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කර තිබේ.

මේ බව සඳහන් කළේ එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන මහතාය.

මෙම ශුක්‍රාණු බැංකුව මගින් පිරිමි පාර්ශ්වයේ මද සරුභාවය නිසා දරුඵල අහිමි කාන්තාවන් සදහා දරුවන් ලබා ගැනීමට අවශ්‍ය ධාතු ලබා ගැනීමට හැකියාව පවතී. එහිදී ඉතා රහ පෞද්ගලිකත්වය  හා රහසිගත භාවය උපරිමයෙන් සුරැකෙන ආකාරයෙන් එම කාර්යය සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවද ඒ මහතා පවසයි.

එසේම මෙම ශුක්‍ර ධාතු බැංකුව සදහා අදාල ශුක්‍ර ධාතු ලබා දීමට පිරිමි පුද්ගලයින්ට හැකියාව ඇති බවත් ඒ සදහා පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට පමණක් සිදුවන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා  වැඩි දුරටත්  සඳහන් කළේය.

එම ශුක්‍ර ධාතු ලබා ගත් අය කවුරුන්ද  යන්න මෙන්ම ලබා දුන් අය කවුරුන්ද යන්න පිළිබඳවද  කිසිදු අයකුට දැන ගැනීමට අවස්ථාවක් නොමැති බවද ඒ මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *