පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

මුහුදු පතුලේ කොරල්පර තුළ රැදි ඇති මත්ස්‍ය දැල් ඇතුළු විවිධ දෑ මගින් මුහුදු පතුලට සිදුව ඇති හානිය වලකා ගැනිමේ අරමුණින් එය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමිව සංවිධානය කර තිබුණි.
මෙම වැසමස්තය යටතේ සමස්තලංකා කිමිදුම් කරුවන්ගේ සංගමය සමග එක්වි සින්නපාඩුව කිමිදුම්කරුවන් 50 කට ආසන්න පිරිසක් යාත්‍රා වලින් මහ සයුරට ගොස් එහි කිමිදි මුහුද යට කොරල් පර තුළ තැම්පත් වී ඇති මසුන් ඇල්ලීම සදහා භාවිතා කරන දැල් ඇතුළු දෑ ඉවත් කිරීමට කටයුතු කළහ.
මේ සදහා ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් ගිහාන් හා පුත්තලම සංවිධායක නිමල් පතිරණ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පළමු අදියරේදී මෙම කිමිදුම් කරුවන් පැය තුනකට ආසන්න කාලයක් මුහුදු පත්ලේ කොරල් පරය තුළ රැදි තිබු මත්ස්‍ය දැල් ඇතුළු දෑ ඉවත් කර එය ගොඩබිමට රැගෙන යාමට කටයුතු කළ අතර එසේ රැගෙන ආ දෑ නිසි ක්‍රමවේදයන් යටතේ විනාශ කිරීමට කටයුතු කරන බව කිමිදුම් කරුවෝ පැවසූහ.
මෙහිදි අදහස් දැක්වු මුහුදු පතුළේ කොරල්පර පිරිසිදු කිරීමට එක්වු ජේ.ඒ.අශෝක සිල්වා මහතා මෙසේ සිය අදහස් එක් කළේය.
“ඇත්තටම අපේ ධීවර ප්‍රජාව විසින් නොදැනුවත්ව හෝ දැනුවත්ව සිදුකරන කටයුතු නිසා මේ වන විට මුහුදු පතුල බරපතල ලෙස හානියකට ලක්වෙලා තිබෙනවා.ඒ හේතුවෙන් කොරල්පර වලටත් හානි විම වළක්වන්න බැහැ.කොරල්පර ආශ්‍රිතව මේ ආකාරයට මත්ස්‍ය දැල් ඇතුළු විවිධ අපද්‍රව්‍ය රැදි තිබිම මත්ස්‍ය බෝවිම පවා අඩුවෙන්න ප්‍රධාන හේතුවක් වෙලා.ඒ සමගම එම ස්ථාන වලට එන මසුන් හා අනිකුත් ජලජ ජීවින් දැල් වල පැටලී මිය යාමත් වැඩි වෙලා.ඒ නිසාම තමා අපි කණ්ඩායමක් ලෙස මෙම කටයුත්ත කරන්න ඉදිරිපත් වුණේ “
මෙම අවස්ථාවට එක්වු ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජීත් ගිහාන් මහතා මෙලෙස අදහස් දැක්වීය.
“ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. නමුත් මෙම විශේෂ වැඩසටහනක්.මොකද අපේ දිවයින වටා මුහුදු තිරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරපු පළමු වතාව මෙය නිසා.මෙය අලුත් අත්දැකිමක්.මුහුදෙ වටිනාකම තියෙන්නේ ධීවරයාට පමණක් නොවෙයි.එය අපි සියලු දෙනාටම වැදගත් . ඒ නිසාම ගොඩබිම පරිසර පද්ධතිය වාගේම මුහුදත් අපි ආරක්ෂා කළයුතු වැදගත්ම සම්පතක් නිසා මේ කටයුත්තට අපිත් එකතු වුණා.” හෙතෙම පැවසීය.


