සමන් පෙරේරා
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියලු ලෝ වැසි දනන් පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසය තුළ සිය ජීවිතය පූජා කිරීමෙන් දින 03කට පසු උත්ථානය ලැබීම සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුණු බැතිමත්හූ අද (20) පාස්කු මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සමරනු ලබති.
මේ අනුව කිතුණු බැතිමතුන් විවිධ වත් පිළිවෙත් සිදු කරමින් ගත කළ දින 40ක චතාරික සමය ද මෙම පාස්කු ඉරිදා දිනයෙන් නිමා වේ. මෙම චතාරික සමය ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විසින් සිදු කරනු ලැබී ය.
ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවරට අයත් කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වේ.
ලොව පුරා කිතුණු බැතිමත්හූ උත්සවශ්‍රීයෙන් පාස්කු මංගල්‍යය සමරද්දි ශ්‍රී ලාංකික කිතුණු බැතිමත්හුද ඉතා උත්කර්ෂවත් ලෙස පාස්කු මංගල්‍යය සමරමින් ඊයේ (19) රාත්‍රී දිවයිනේ සෑම දේවස්ථානයකම මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවන් පැවැත්වූහ . එමෙන්ම අද දිනයේ ද දිවයිනේ සියලු දේවස්ථානයකම දිව්‍ය පූජාවන් පැවැත්වෙන බවද සදහන් වේ.
මේ අතර පසුගිය 18 වන දිනට යෙදුණු මහසිකුරාදා දිනයේ සිට දිවයිනේ සියලු දේවස්ථාන සහ ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ද යෙදවීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

