යසංග මහවිතාන

ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
තිස් අටවෙනි වියේ පසු වූ ඒ මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
කෝසල නුවන් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කමිටුව,පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුව,කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කමිටුව,විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කමිටුව,තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍යාංශයීය කමිටුව යන කමිටුවල සාමාජිකත්වය දරමින් සිටියේය.
1987-01-14 දින උපත ලබා ඇති මොහු අවිවාහකයෙකු විය.
විප්ලෝමාධාරී සහකාර ඉංජිනේරුවරයෙකුත් වශයෙන් කටයුතු කළ කෝසල නුවන් ජයවීර මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.
