වවුනියාව මාධව කුලසූරිය.
මුලතිව්,කුමුලමුනෙයි ප්‍රදේශයේදී කෝවිලක කාවඩි වෙනුවෙන් යොදාගත් ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (14) සවස් කාලයේදීය.
ප්‍රදේශවාසීන් පැවසූවේ කුමුලමුනෙයි,කොට්ටුකිනරු ගණදෙවි කෝවිලේ පූජාවන් කාවඩි නැටීමට යොදාගත් ට්‍රැක්ටර් රථයක පසුපස පෙට්ටිය පෙරළීමෙන් එම අනතුර සිදුව තිබු බවයි.
අනතුරින් ට්‍රැක්ටරයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය සඳහන් කළේය..
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර,සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව්,මුල්ලියාවලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



