කාලගුණය යළි වෙනස් වේ

චම්පිකා මුතුකුඩ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි  දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, දකුණු  සහ  වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය  හැක.

 බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ  උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය  හැකි බවද එම දෙපාර්තමේන්තුව සිය කාලගුණ වාර්තාවෙන් ප්‍රකාශ කරයි.

 

මධ්‍යම, සබරගමුව, ඌව සහ  උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං  වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා  ලෙස කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා  සිටිනු  ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *