චම්පිකා මුතුකුඩ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද ඉදිරි පැය 24 සඳහා වන කාලගුණ වාර්තාවට අනුව ,බස්නාහිර ,සබරගමුව, දකුණු සහ ඌව පළාත් වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වේ
සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසී ඇති විය හැක.
උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
සුපුරුදු පරිදි බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මිහිඳුන් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින්හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
