කාලගුණයේ වෙනසක් නෑ

චම්පිකා මුතුකුඩ

මධ්‍යම, සබරගමුව, ඌව සහ  දකුණු පළාත්වලත් අම්පාර සහ  මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද කාලගුණ වාර්තාවේ සඳහන් වේ

 

බස්නාහිර පළාතේත් පුත්තලම, ගාල්ල, මාතර සහ  රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය  හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං  වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කාර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා  ලෙස කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා  සිටියි.

                                                   

මධ්‍යම, සබරගමුව සහ  ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *