ක්‍රිස්ටියානෝ ජූනියර් පියා ගිය මඟ ගනිමින් පාපන්දු පිටියට

(නිපුණ නිර්මාල්

ක්‍රිස්ටියානෝ ඩොස් සැන්ටෝස් (ක්‍රිස්ටියානෝ ජූනියර් ) 2025/05/13 දින පළමු වරට පෘතුගාලයේ අවු.15න් පහළ කණ්ඩායමට කැදවා තිබේ. ඔහු ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ වැඩිමහල් පුතුය.

අවු.14 පසුවන ක්‍රිස්ටියානෝ ඩොස් සැන්ටෝස් තම පියා මේ වන විට ක්‍රීඩා කරන සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සාමාජයේ යොවුන් පුහුණු ඇකඩමිය සමග පුහුණුවීම් සිදු කරයි. ඔහුට පෘතුගාල අවුරුදු 15න්  පහළ යොවුන්  කණ්ඩායමෙන් කැඳවීම් ලැබුණේ ඒ අතරය.

ක්‍රිස්ටියානෝ ඩොස් සැන්ටෝස් පෘතුගාල අවු.15න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රයේශියාවේදී ජපානය,ග්‍රීසිය හා එංගලන්තය යන රටවල යොවුන් කණ්ඩායම් සමග තරගාවලියකට සහභාගීවීමට නියමිතය.

ඒ අනුව 2025/5/13 දින පැවැත්වූ ජපානයට එරෙහි තරගයේදී පෘතුගාලය ගෝල 4ට 1ක් ලෙස ජයක් වාර්තා කිරීමට පෘතුගාල අවු.15න් පහළ යොවුන් කණ්ඩායම සමත් විය.

ජාත්‍යන්තර  විචාරකයින් පවසන්නේ මෙය පාපන්දු කලාවේ පිය-පුතු යුගයක ආරම්භයට මුල් ගල තැබීමක් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *