නික්කි රණසිංහ
“කලා පොළ 2025” එළිමහන් කාල ප්‍රදර්ශනයේ 31වන අදියර කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී මෙම මස 16 වනදා පැවැත්විණි. එය ශ්‍රී ලාංකේය චිත්‍ර දින දර්ශනයේ ජනප්‍රියතම වාර්ෂික උත්සවයයි.
ජෝර්ජ් කිට් පදනමේ සංකල්පයක් අනුව 1993 වසරේදී කලාකරුවන් 35කගේ සහභාගීත්වයෙන් මෙය ආරම්භ වූ අතර අද වන විට කලාකරුවන් 300ක් පමණ සහභාගී වෙයි.
වර්තමානය වන විට කලා පොළට දේශීය මෙන්ම විදේශීය නරඹන්නන් 20000 කට අධික පිරිසක් සහභාගීවන බවත්, රුපියල් ලක්ෂ 130කට ආසන්න මුදලක චිත්‍ර අලෙවි වන බවත් කලා පොළෙහි සංවිධායකයෝ පවසති.
